
★ BS Tours · ප්‍රධානතම වන්දනාව
බුදුසුවඳ දඹදිව වන්දනාව
දින 14 · සිද්ධස්ථාන 20 · ශ්‍රී ලාංකික ආහාර
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පින්බිම් — බුද්ධගයාව, රාජගෘහය, නාලන්දාව, සාරානාතය, කුසිනාරාව, ලුම්බිණිය සහ සැවැත් නුවර — ආහාර, නවාතැන්, ප්‍රවාහනය ඇතුළු සියලු පහසුකම් සහ ආරක්ෂාව සපයන ඔබේ ගමන් සගයා සමග.
English summary: 14-day guided Buddhist circuit from Sri Lanka with Sri Lankan food, hotels near shrines & Sinhala guides. See tours in English →
සතර මහා සිද්ධස්ථාන
ලුම්බිණිය · බුද්ධගයා · සාරානාත් · කුසිනාරා
ශ්‍රී ලාංකික ආහාර
ගමන පුරා උදේ, දවල්, රෑ — ගෙදර රසට
සිද්ධස්ථාන අසල නවාතැන්
AC කාමර · attached bathroom · තරු හෝටල්
පළපුරුදු සිංහල නායකත්වය
අවුරුදු 10+ අත්දැකීම් · චාරිකා 177+
🗺 ගමන් විස්තරය
දින 14 වැඩපිළිවෙළ
පිටත්වීමේ සිට නැවත පැමිණීම දක්වා සම්පූර්ණ වැඩපිළිවෙළ
- 01
කොළඹ → දිල්ලි → අග්‍රා
දිල්ලි නුවරට ළඟා වී අග්‍රා බලා පිටත් වේ. අග්‍රා බලකොටුව නැරඹීම සහ සවස චාරිකා නායකයා සමග සාකච්ඡාව.
- 02
අග්‍රා → දිල්ලි
උදෑසන අග්‍රා නැරඹීමෙන් පසු දිල්ලි බලා පැමිණීම. දිල්ලි නගර සංචාරය සහ රාත්‍රී නවාතැන.
- 03
දිල්ලි → ගයා → බුද්ධගයා
ගයා බලා ගමන් කර බුද්ධගයාවට පැමිණීම — බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් පින්බිම.
- 04
බුද්ධගයා — මහාබෝධිය
මහාබෝධි මන්දිරය, ශ්‍රී මහා බෝධිය, වජ්රාසනය, සුජාතා ස්තූපය නැරඹීම සහ සවස බෝධි පූජාව.
- 05
රාජගෘහ — නාලන්දා
ගිජ්ඣකූටය, සප්තපර්ණි ගුහාව, බිම්බිසාර රජුගේ ස්ථාන, නාලන්දා විශ්වවිද්‍යාල නටබුන් සහ සෝන් භන්දාර් ගුහා නැරඹීම.
- 06
බුද්ධගයා — භාවනාව
බෝධීන් වහන්සේ අභියස භාවනාවට නිදහස් උදෑසනක්, දුංගේශ්වරී ගුහා සහ විදෙස් ආරාම නැරඹීම.
- 07
බුද්ධගයා → වරණාසිය
වරණාසිය බලා ගමන් කිරීම, සවස ගංගා තීරයේ ගංගා ආරතිය නැරඹීම.
- 08
සාරානාත් — මිගදාය
ධමේක් ස්තූපය, චෞඛණ්ඩි ස්තූපය, මිගදාය — දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ පින්බිම.
- 09
සාරානාත් → කුසිනාරා
කුසිනාරා බලා ගමන් කිරීම — පරිනිර්වාණ මන්දිරය, රාම්භාර් ස්තූපය (ආදාහන භූමිය) වැඳපුදා ගැනීම.
- 10
කුසිනාරා → ලුම්බිණිය
නේපාලයට ඇතුළු වී ලුම්බිණියට — බුදුරජාණන් වහන්සේ උපන් පින්බිම: මායා දේවි මන්දිරය, අශෝක ස්තම්භය, පූජනීය පොකුණ.
- 11
ලුම්බිණිය → සැවැත් නුවර
ජේතවනාරාමය, ආනන්දබෝධිය, සැරියුත්-මුගලන් මහරහතන් වහන්සේලාගේ ස්තූප නැරඹීම.
- 12
සැවැත් නුවර → දිල්ලි
දිල්ලි බලා නැවත පැමිණීම. සවස සාප්පු සවාරියට නිදහස.
- 13
දිල්ලි නගර සංචාරය
ඉන්දියා ගේට්ටුව, නෙළුම් මන්දිරය, කුතුබ් මිනාරය නැරඹීම සහ සමුගැනීමේ රාත්‍රී භෝජනය.
- 14
දිල්ලි → කොළඹ
ගුවන්තොටුපළට පිටත් වී ආශීර්වාද සහ මතකයන් සමග මව්බිමට පැමිණීම.
වන්දනා සිතියම
ස්ථාන 8 · දින 14 · route map
දිල්ලි
Day 1–3, 12–14
අග්‍රා
Day 1–2
බුද්ධගයා
Day 3–7
රාජගෘහ · නාලන්දා
Day 5
සාරානාත්
Day 8
කුසිනාරා
Day 9
ලුම්බිණිය
Day 10
සැවැත් නුවර
Day 11
✦ මිල ගණන්
පැකේජ දෙකක් — තෝරන්න
Budget පැකේජය · 14 Days
Rs. 260,000
- ✓දින 14
- ✓සිද්ධස්ථාන 20
- ✓ශ්‍රී ලාංකික ආහාර
- ✓තරු 2 හෝටල්
- ✓සුඛෝපභෝගී බස්
- ✓නොමිලේ WiFi
VIP පැකේජය · 10 Days
Rs. 360,000
- ✓දින 10
- ✓සිද්ධස්ථාන 20
- ✓ලංකා + ඉන්දියානු ආහාර
- ✓තරු 3 හෝටල්
- ✓සුඛෝපභෝගී බස්
- ✓නොමිලේ WiFi
ආරම්භක මිල ගණන්. අවසාන ගාස්තුව සමය සහ ගුවන් ගාස්තු අනුව වෙනස් විය හැක.
✦ Reviews
What our pilgrims say
Happy memories from 177+ tours
“Food, stay, worship — everything organized. Went with my elderly mother, zero trouble.”
Mrs. Perera — Colombo
Dambadiva Vandana 2024
“The guide explained every site's story. The Bodhi Puja at Bodhgaya is unforgettable.”
Mr. Fernando — Negombo
Dambadiva VIP 2024
“Went with family. Hotels, bus, food — all good. Going to Dambadiva next, again with BS Tours.”
Mrs. Jayasuriya — Kandy
Thailand Tour 2023
❓ ප්‍රශ්න
නිතර අසන ප්‍රශ්න
වීසා සහ ගුවන් ටිකට් කවුද බලාගන්නේ?
සියල්ල අප සංවිධානය කරනවා — වීසා, ගුවන් ටිකට්, පාස්පෝට් සහාය ඇතුළත්. ඔබට පාස්පෝට් එක සහ බෑගය විතරයි ඕන.
කෑම බීම කොහොමද?
ගමන පුරා ශ්‍රී ලාංකික ආහාර (බත්, ව්‍යංජන) අපේම කණ්ඩායමෙන්. VIP පැකේජයේ ඉන්දියානු ආහාරත් තියෙනවා.
වයසක අයට යන්න පුළුවන්ද?
ඔව් — වෛද්‍ය සහාය, සෙමෙන් යන වැඩපිළිවෙළ සහ බස් පහසුකම් තියෙන නිසා වැඩිහිටියන් බොහෝ දෙනෙක් හැම චාරිකාවකම යනවා.
මිලට ඇතුළත් මොනවද?
ගුවන් ටිකට්, වීසා, හෝටල්, ආහාර, බස් ප්‍රවාහනය, නායකත්වය සහ WiFi. සාප්පු සවාරි වියදම් පමණයි අමතර.